Tuesday, December 21, 2010
මම කවුද.................
මායාවක් තුල හිදිමින්
පිස්සුවෙන් ජීවිතය පටලවමින්
අනෙකා පරයමින්
ජීවත්වන්නට නොව ජීවත්වෙන්නට
වෙර දරන
මිනිස්සුනේ ......
නුඹලාගේ සිත කොහිද
අන්න ඒකෙන්
අහලා බලපල්ලා
නුඹලා කවුද
නෑ නෑ එහෙම නෙමෙයි
මම කවුද කියලා
උත්තර හොයපියව්
හැම දෙයක්ම
මායාවක් බොලව්
හිතපල්ලා හිතපල්ලා
සර්ව ශුභවාදී වෙයල්ලා
ලෝකය තේරැම් ගන්න
උත්සහකරපල්ලා
මමත් මේ කරන්නේ
ඒකම තමයි
මමත් උත්තර හොයනවා
ඇත්තටම මම කවුද කියලා
හොයාපල්ලා හොයාපල්ලා
අනුන් ගැන නෙමෙයි
තමන් ගැනම
විදවන එක නවත්තලා
විදින එක නවත්තලා
හොයාපල්ලා
හොයාපල්ලා
මම කවුද..............?
Subscribe to:
Post Comments (Atom)
කලකින් ලියූ කවිය
කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද
-
අද ...එනම් 2011 මැයි මස 26 වන දින මා කාර්යාලය බලා ඒමට නිවසින් පිටත්වන විටත් මහ වැස්සක් ඇද වැටෙමින් තිබුනි.ඒත් ඉතින් රාජකාරිය දේවකාරියක් සේ ...
-
මොනම මඟුලකට හැදුවද මන්දා මේක කනක් ඇහිලා ඉන්නට බෑ හැමදාම හදිස්සියකට වටිනවා ළග තිබුම ඒ් වුනාට මහා මළ මඟුලකි ...
-
යන්නට ඉල්කකය වෙත ඇත තව දුර යන්න කාලය සමග පොර බදිමින් ඉදිරියට නින්දත් අඩුව දවසක ඇරඹුම සමග යන්නට අමාරුයි ඒ් දුර මෙලෙස මට දිනුමට ...

හොද කයිකතන්දර කාරයෙක් කියලා ලියපු චුට්ටෙන් හොදටම පේනවා.
ReplyDeleteනරකද කම්මැලිකම අත ඇරලා ලියුවනාං