Sunday, September 5, 2010

බණ කතාවක්

මේක සිද්ධ වුනේ ඉස්සර කාලේ ලංකාවේ හිටපු රජ කෙනෙකුට. ඒ රජතුමා දිඨ්ඨි මංගල තදින්ම විශ්වාස කරපු කෙනෙක් (ඒ කියන්නේ හොද දේවල් දැක්කොත් සුභයි කියලා හිතන එකට) ඉතින් දවසක් මේ රජ්ජුරැවෝ උදෙන්ම නැගිටලා සීමැදුරැ කවුළුවෙන් එළිය බැලුවලු ( රජ්ජුරැවෝ සීමැදුරැ කවුළුව කිව්වට අපි ඕකට කියන්නේ ජනේ‍ලය කියලා) රජ්ජුරැවෝ උදෙන්ම දැක්කේ මාළිගාව ඉස්සරහ තියන වත්තේ කජු ඇහිදින දුප්පත් කොල්ලෙක්වලු.
ඒ කොල්ලව දැක්ක ගමන් රජාට මල පැන්නලු දවසම ඉවරයි කියලා. එහෙම හිතලා කේන්තියෙන් ඔලුව හරවද්දි ජනේලේ පියනක ඔළුව වැදිලා ඔළුව තුවාල වුනාලු. ඒ වෙලාවෙම රාජ පුරැෂයන්ට කතා කරලා කිව්වලු අර කොල්ලගේ හිස සිදලා දාන්ඩ කියලා. (අද කාලේ වගේ ඒ කාලේ මානව හිමිකම් - ප්‍රජාතන්ත්‍රවාදය වගේ දෙවල් නැති නිසා රජාට ඕන දෙයක් කරන්ඩ පුළුවන්)
අනේ ඉතින් රාජ පුරැෂයොත් අර කොල්ලව අල්ලගෙන රතු මල් මාල දාලා ,වධක බෙර ගහලා දං ගෙඩියට අරගෙන යනවලු. කොල්ලටත් හිතාගන්ඩ බැරිලු මේ මොකද්ද එක පාරට වුනේ කියලා. පොර තමන් ළග හිටපු රාජ පුරැෂයෙක්ගෙන් ඇහුවලු “ඇයි මාව මරන්ඩ හදන්නේ” කියලා. රාජ පුරැෂයා කිව්වලු තමන් ඒක දන්නේ නෑ. ඒක අහන්ඩ ඕන රජ්ජුරැවන්ගෙන්ම තමයි කියලා. කොල්ල ඊට පස්සේ ඉල්ලා හිටියලු මැරෙන්ඩ කලින් රජ්ජුරැවන්ව හම්බවෙන්ඩ ඕන කියලා. මරන්ඩ ගෙනියන එකෙක් කරන අන්තිම ඉල්ලීම අහක දාන්ඩ බැරි හින්දා කට්ටිය කොල්ලව රජ්ජුරැවෝ ළගට එක්කගෙන ගියාලු.
කොල්ලා රජ්ජුරැවෝ ළගට ගිය ගමන්ම ඇහුවලු ඇයි තමන්ව මේ විදියට මරන්ඩ නියම කළේ කියලා. රජ්ජුරැවෝ කිව්වලු මම උදේ නැගිට්ට ගමන්ම දැක්කේ උඹේ ඔය කාළකන්නි මූණ ඒ දැක්ක ගමන් ජනෙල් පියන වැදිලා මගේ ඔළුව පැළුණා කියලා. කොල්ලට ඒ කතාව අහපු ගමන් හිනා ගියාලු. රජ්ජුරැවෝ ඒක දැකලා ඇහුවලු ඇයි හිනාවුනේ කියලා.
කොල්ලා කිව්වලු නෑ රජතුමනි මම මේ කල්පනා කළේ ඔබවහන්සේ කොච්චර කාළකණ්ණියෙක්ද කියලා. ඔබවහන්සේ මාව උදෙන්ම දැකලා ඔළුව පොඩ්ඩක් තුවාල වුනා විතරයි මම උදෙන්ම දැක්කේ ඔබවහන්සේව අද මගේ ජීවිතේම නැතිවෙනවනේ කියලා.
රජ්ජුරැවෝ ඒක අහලා මාර විදියට upset ගියාලු. පස්සේ කොල්ලව මරන්ඩ එපා කියලා මාළිගාවෙම නවත්ත ගත්තලු. පස්සේ කාලෙක මේ කොල්ලා රජ්ජුරැවන්ගේ අග්‍රවිනිශ්චකාරයා වුනාලු.
...................................කොහොමද කොල්ලගේ ටිකිරි මොළේ ..............................................

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද