පින්පාට ඔබෙ මුහුණ
දුටුවා අද හිත පුරාම
දගකාර ඔබෙ කතාව
ඇසුවා මගෙ හිත පුරාම
හොරෙන් පාපු සිනාව මට
අවුල් කලා මගේ මනස
හිතුවත් ඔබෙ ළගට එන්න
බැහැනේ එහෙම කරන්න මට
දාලානේ ඔබ තහංචි මට
රාමුවකට වී ඉන්නට
ඉස්සර නම් ඔය රාමුව
තැකුවේ නැහැ දොයිතුවකට
එළියේ හිටියේ වැඩිපුර මං
ඔබ හැදු ඒ රාමුව තුළ
සිතුණ නමුත් අද දවසෙත්
නික්මෙන්නට එයින් පිටට
යන්නට බැහැ කොහොමවත්ම
ඇණ සවිකර එය වටේට
වීදුරැවක් දමා මැදට
මා රාමුව තුළ සිරකර
බිත්තියකට සවිකර ඇත
සදාකල්ම එහි ඉන්නට