Tuesday, December 21, 2010

සිගරට් බීමෙන් ලැබෙන වාසි





සිගරට් බීමෙන් ලැබෙන වාසි.....????? මොකද්ද මේ කියන්නේ...සිගරට් බිව්වාම කොහොමද වාසි ලැබෙන්නේ...? අපෝ .. ඔව් වාසි ගොඩක් තියනවා.හැමෝම කියන්නේ සිගරට් එහෙමත්  නැත්තම් දුම්බීමේ ආදීනව ගැනනේ.අද මම කියන්නම් දුම්බීම නිසා ඇතිවන ප්‍රධාන වාසි දෙකක් ගැන.ඒවා තමයි


* සිගරට් බොන පුද්ගලයෙක්ගේ නිවසට කිසි දිනක සොරකු එන්නේ නැත.

* සිගරට් බොන පුද්ගලයා කවදාවත් වයසට යන්නේද නැත. 




පුදුමයි නේද? ....දැන් පැහැදිලි කරන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා.

සිගරට් බොන එකෙකුගේ ගෙදරට හොරැ එන්නේ නැත්තේ සිගරට් බොන එකා දවස තිස්සෙම සිගරට් බීලා රෑට නිදා ගන්න ගියාම කහින්ඩ පටන් ගන්නවා. රෑ එළි වෙනකල් සැරින් සැරේ කහින හින්දා හොරෙක් ආවත් ගෙදර එවුන් නැගිටලා කියලා හිතලා හොරා ආපහු හැරිලා යනවා. අනික සිගරට් බොන එකා වයසට යන්නේ නැත්තේ ඌ වයසට යන්ඩ කලින්ම මැරිලා යන හින්දා. කොහොමද? වාසි හොදයි නේද?

ඔය කතාව මම දැන ගත්ත හැටිත් අනිවාර්යෙන්ම කියන්ඩ ඕන. ඕක මම පාසලේ 12 ශ්‍රේණියේදී පාසලේ උදේ රැස්වීම අවසානයේ ආනන්ද ගුරු පියාණන් තමයි අපිට කිව්වේ.එතුමාත් ඔය කතාව අහලා තියෙන්නේ ප්‍රේම කීර්තිද අල්විස් මහත්තයා කරපු ගුවන්විදුලි වැඩසටහනකින්.අවාසනාවකට ඔය දෙන්නම අද අපි අතර නැහැ. ඒ වුනත් ඒ කියපු දේවල්වල වටිනාකම තවම තියනවා.ඉතින් ඔබත් දුම් පානය කරන්නෙක් නම් මේ ගැනත් ටිකක් හිතන්න.

2 comments:

  1. ඔයාගේ බ්ලොග් එක දුර ගමනක් යයි කියලා හිතනවා.

    ප්‍රේම කීර්තිද අල්විස් මහත්තයා හොදට සිකරට් ගහපු පොරක්

    ReplyDelete

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද