Wednesday, December 22, 2010

පිරිසිදු කිරීම




සිතුවිලි පොදි බැද
හද මුල්ලකට කර
ඉතිරි වූ සුන්බුන්ද
අතුගා දමා
නිදහස් කරගත් පසු
මනස
යළි යළිත්
හැඩි වෙයි
නොදැනුවත්වම.......

අතීත මතකය


ගොම්මන් පාලු නිසසල ඝන අදුරැ රැයේ
සිත දිව ගියා මතකයකට අතීතයේ
නුඹ හා දොඩපු ඒ ආදර දවස් ටිකේ
තාවමත් තියේ ඒ සුන්දර මතක හිතේ

කෙතරම් ලස්සනද මතකය අපෙ අතීතයේ
ඇයිදෝ ගියේ මා තනිකර අද දවසේ
දැනේවි පපුව පුපුරා යන ලෙස සිරැරේ
කවි පද ලියමි සිතමින් ඔබ ගැන මෙදිනේ

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද