Sunday, December 12, 2010

ගෙදර කඩේ යන්නේ ඔබද?

 





               
                      ගෙදර කඩේ යන්නේ ඔබ නම් . . . මම දන්න දේවල් ටිකක් ඔබත් එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ. අපි කඩේ යන්නේ ගොඩක් දේවල් මිලදී ගන්නනේ. මම දැන් කියන්ඩ යන්නේ එළවළු ගන්නකොට හිතන්ඩ ඕන දේවල් කීපයක්.මේ දවස්වල නම් එළවළු ටිකක් ගණන් ගිහින්.ගිය සතියට වඩා මේ සතියේ ගොඩක් එළවළු 30% ත් 50% ත් අතර මිලකින් මිල වැඩි වෙලා තිබුණා.මම වෙළෙන්දන් කීප දෙනෙක්ගෙන් ඇහුවා සතියකට පස්සේ මෙච්චර මිල වැඩි වෙන්නේ කොහොමද කියලා. ඒ අය නම් කියන්නේ වැස්ස නිසා කියලා.බලන්ඩකෝ ඒකෙත් හැටි. 

සාමාන්‍යයෙන් අපි ගෙදර  උයන්ඩ එළවළු ගන්න ක්‍රම කීපයක් තියනවා.ඒවා තමයි

01.ගෙවත්තේ වගා කරපු එළවළු
02.සුපර් මාර්කට් එකෙන්
03.සිල්ලර වෙළද සලකින්
04.සති පොළෙන්


ඔතන තියන පළමු ක්‍රමයෙන් එළවළු සපයා ගන්න තියනවනම් ඒක තමයි හොදම ක්‍රමය.මම මේ කියන්ඩ හදන දේ වැදගත් වෙන්නේ අනිත් ක්‍රම 3 ට විතරයි.ඔය තැන් වලින් එළවළු ගන්ඩ ගියාම අපිට ගොඩක් වෙලාවට තෝරලා ගන්න පුළුවන්නේ. ලොකු ළුණු (එහෙමත් නැත්තන් බී ළුණු කියන්නේ,සමහර අය රට ළුණූ කියලත් කියනවා) ගන්න ගියාම ගොඩක් අය ලොකුම ළුණු තෝරලා ගන්නවා.එතකොට හොද්දට දානවෙලාවට ලේසියෙන් කපලා ගන්න පුළුවන් හින්දා.හැබැයි ගොඩක් වෙලාවට ළුණු ගෙඩියම පාවිච්චි වෙන්නේ නැහැ.ඉතුරැ ටික එහෙමම අරන් තියනවා හෙට හෝ අනිත් කෑම වේලට ගන්න.ඒත් දන්නවද එහෙම තිබ්බම ඒකට විසබීජ එන්ඩ තියන ඉඩකඩ වැඩි වෙනවා.දෙහිත් ඒ වගේ තමයි.ඒ නිසා අනිත් දවසේ දෙහි ,ළුණු වගේ දේවල් ගන්නකොට පොඩි ගෙඩි වලින් තෝරලා ගන්න.එතකොට විසබීජ වලින් වෙන හානිය අවම කර ගන්න පුළුවන්.අනික නාස්තියත් අවම වෙනවනේ.
 

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද