
ආදරය සුන්දරද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබ කියාවි "ඔව්" කියලා.වෙන උත්තරයක් දෙන්න හිතුණත් උත්තරයක් හදා ගන්න අමාරැ නිසා "ඔව්" කියලා කියයි.මොන දේවල් මොන මොන විදිහට වෙනවද කියලා කාටවත් හරියටම කියන්ඩ බැහැනේ.
එක එක අය ආදරය දකින්නේ වෙනත් වෙනත් විදි වලට. මමත් කියන්නම් මම ආදරය දකින්නේ කොහොමද කියලා.
මම දකින විදිහට නම් ආදරය කියන්නේ එක්තරා විදියක පිස්සුවක්.අපි හැමෝම කාටහරි ආදරය කරලා එහෙමත් නැත්නම් ආදරය කරමින් ඇති.ඒ කොයි හැටි වෙතත් මේ විදියට තමයි මම ආදරය දකින්නේ.
"ආදරය සුන්දර වන්නේ එය සාර්ථක වූ අයටයි.ආදරය කරන්ඩ ගිහින් කෙළවෙච්ච එකාට ඒක පරමාණු බෝම්බයක් වගේ.අවුරැදු ගාණක් යනකල් ඒකෙන් වෙන හානිය නවතින්නේ නැහැ."
මේක කියෙව්වාම ඔයාලට මාව පිස්සෙක් කියලා හිතෙන්නත් පුළුවන්.ඒත් මම කිව්ව දේවල්වල ඇත්තකුත් තියනවා නේද?
"කලා වැව හිඳෙනවා
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා
ආයෙමත් හැදෙනවා
හිදුනු වැව් පතුලේ
කටුකොහොල් පෙනෙනවා
රිදුනු හිත් මඩලේ
සෝ සුසුම් දැවෙනවා
පිරැණු වැව් ජලයේ
සුදු නෙළුම් සරනවා
හැදුන හිත් මඩලේ
පෙම් සුවද දැනෙනවා"
අමරසිරි පීරිස් මහත්තයා ඔය සින්දුව කිව්වේ කට කහනවට නෙමෙයි.ඔය සින්දුවේ ලොකු තේරැමක් තියනවා.දැන් ඇති නේද?
මම තවත් මේ ගැන ලියන්න ගියොත් කියවන ඔයාලට පිස්සු හැදෙයි. ඒ කොයි හැටි වෙතත් කමක් නැහැ.හොදට හිනාවෙලා ඉන්න.හිනාවෙන තරමට ප්‍රශ්න අමතක වෙලා යනවා.ඒ විතරක් නෙමෙයි සමහර ප්‍රශ්න ප්‍රශ්නද කියලත් හිතෙයි.ඒ හින්දා හොදට හිනාවෙලා ඉන්න.