Tuesday, May 25, 2010

තැන තැන රැගෙන යා හැකි මෙහෙයුම් පද්ධතියක්


මම කියලා දෙන්න හද‍න්නේ ඔයාලට ඕන තැනක අරන් ගිහින් වැඩ කරන්ඩ පුළුවන් මෙහෙයුම් පද්ධතියක් එහෙමත් නැත්නම් Portable Operating System එකක් ගැන.
ඒ තමයි SLAX ඔයාලට පුළුවන් ඒක CD එකක හරි එහෙමත් නැත්නම් Pen Drive එකක දාලා පරිගණකයේ ධාවනය කරන්න.
මුලින්ම ඔයාලා කරන්න ඕන http://www.slax.org/get_slax.php එකට ගිහිල්ලා CD Version එක හරි USB Version එක හරි Download කර ගන්න එක.ඊට පස්සේ

CD Version එක Download කරපු අය


First Boot Device එක CD ROM විදියට සකසලා CD එකෙන් Start කරන්න.

USB Version එක Download කරපු අය

First Boot Device එක Removable Disk විදියට සකසලා CD එකෙන් Start කරන්න.


මේ මෙහෙයුම් පද්ධතියේ ලොකු වැදගත් කමක් තියනවා.ඒක තමයි අපේ පරිගණකය දැන් තියන මෙහෙයුම් පද්ධතිය මගින් පණ ගන්වන්න බැරි අවස්ථාවක අපට අවශ්‍ය කරන File ටික මේ Slax මාර්ගයෙන් අපිට බේරගන්න පුළුවන්.කොච්චර වටිනවද නේද? කාලය කියන දේ ටිකක් වැඩිපුර තියන වෙලාවක අත්හදා බලන්න.බැලුවට මහන්සිය අපතේ යන එකක් නැහැ. කවදාක හරි උවමනා වෙයි.

මගේ පළමු post එක


ඔන්න ඉතින් මම දෙයියනේ කියලා බ්ලොග් එකක් ලියන්ඩ පටන් ගත්තා.ලියන්ඩ පටන් ගත්තා විතරයි ගොරවන්ඩත් පටන් ගත්තා.බලන්ඩකෝ ඒකෙත් හැටි.
අපේ ජීවිතේ ඒකාකාරී විදියට ගෙවිලා යන හින්දම තමයි මට හිතුණේ මේ වගේ බ්ලොග් එකක මට හිතෙන දේවල් ලියන්ඩ.
අපි මොනවද ජීවිත කාලය පුරාම කරන්නේ හිනා වෙනවා අඬනවා දුක් වෙනවා සතුටු වෙනවා ඔච්චර තමයි.බලාගෙන යද්දි ඔයාලට හිතෙයි මේ ජීවිතේ හරිම මායාවක් කියලා.
ඉතින් ඔයාලට නිදහස් වෙලාවක් තිබුණොත් කියවලා බලන්ඩ මොනවද මේ ලියලා තියෙන්නේ කියලා.

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද