Tuesday, July 2, 2019

ඉලක්කය සහ කවි


යන්නට ඉල්කකය වෙත ඇත තව දුර යන්න
කාලය සමග පොර බදිමින් ඉදිරියට
නින්දත් අඩුව දවසක ඇරඹුම සමග
යන්නට අමාරුයි ඒ් දුර මෙලෙස මට

දිනුමට ඇතත් ඒළඹෙන කාලය ඇතුලේ
කෙරුමට දහසකුත් වැඩ ඇත ලහි ලහියේ
නොහැකිව හසුරුවා ගන්නට කඩිමුඩියේ
වැඩ ගොඩ ගැහෙයි බාගෙ බාගෙට මේසේ

ලිව්වට කවි ටිකක් කාලය අරන් මම
කවි සංකල්පනා ඒන්නේ නැහැ සිතට
ඔලුවත් බරව ඉන්නා විට නිදිබරව
තව වැඩ ගොඩක් පිරුනා මගේ මේසයට

No comments:

Post a Comment

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද