Saturday, December 11, 2010

වැස්ස




    මම කියන්ඩ හදන්නේ වැස්ස ගැන කතාවක් නම් නෙමෙයි.මට වැස්ස ගැන හිතුන අදහස් කීපයක් විතරයි.පහුගිය දවස්වල ඇතිවෙන්ඩ හැමෝම වැස්සේ අත්දැකීමට මුහුණ දෙන්න ඇති. ලංකාවේ විතරක් නෙමෙයි වෙනත් සමහර රටවලත් පහුගිය ටිකේ වැස්ස හොදට දැනිලා තිබුණේ.මමත් ගොඩක් දවස්වලට උදේට බයික් එකේ ඔෆිස් යද්දියි එද්දියි නොමිලේම නා ගත්තා.
    මම දන්න විදිහට වැස්ස ගැන හොද කියන අය නම් අඩුයි.හැමෝම කරන්නේ වැස්සට බනින එක "අයියෝ බලන්ඩකෝ ගෙදර යන්ඩ හදනකොටම වහින්ඩ පටන් ගන්නවනේ" ඔය වගේ මැසිවිලි අනන්තවත් මට ඇහිලා තියනවා.හැබැයි මම නම් වැස්ස දැක්කේ හරිම සුන්දර විදිහට (ඉස්සර එහෙම නැහැ මේ ළගදි ඉදලා තමයි එහෙම හිතෙන්ඩ පටන් ගත්තේ).මම ගොඩක් ආසාවෙන් හිටියේ මම ගෙදර යන වෙලාවට වහිනවට.ඒත් ඉතින් එහෙම හිතන්ඩ වුනේ ටික දවසයි. රෙදි වේල ගන්ඩ බැරිව ගොඩ ගැහෙද්දි, සපත්තු ඔක්කොම පෙගිලා තියෙද්දි,නහයෙ සෙම ගතිය වැඩි වෙද්දි නම් හිතෙනවා වැස්ස එපා කියලා.
    ඒ හින්දා බැරිම තැන පෙරේදා ගිහින් වැහි කබායක් (Rain coat) එකක් ගත්තා. ඒක ගත්ත දවසේ ඉදලා වහින එකත් නැවතුනා. ඔන්න බලන්ඩකෝ ඒකෙත් හැටි.

ජීවිතය - ආදරය - සතුට - වේදනාව සහ විරහව

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ආපහු ලියන්ඩ හිතුනා.කාලයක් ලියන්ඩ හිත දුන්නෙම නෑ.ඔන්න ඉතින් දෙයියනේ කියලා මම ලිව්ව කවියක් ප්‍රසිද්ධියට පත් කරන්ඩ හිතුණා.
මේ කවියෙන් කියවෙන්නේ ජීවිතේ කිසිම ගතියක් නැතුව ගලාගෙන යන කොල්ලෙක්ට ඇතිවන ආදරය සහ පසුව ඒ ආදරේ ඔහුට නැති වීම ගැනයි.

ලොවම එපාවී ගත කල ජීවිතය එදා
හිරැ සේ ඔබ එළිය කළා බැලුම් හෙළා
සියළු පැතුම් අලුත් කලා ඔබ හින්දා
සතුටු සිතින් මම සිටියා සිහින මවා

අභියෝගයකි ජය ගන්නට ඔබේ සිත
වෙහෙස වුනා ඒ වෙනුවෙන් මගේ ගත
වෙනස් කලා ජීවිතයම මගේ ඔබ
පටන් ගත්තා මාගේ පෙම් පුරා වත

ඇසුරැ කළේ ඔබ හා මම ටික දවසයි
දැනගත්තේ ඔබ ගැන මම හරි පොඩ්ඩයි
ඒ පොඩ්ඩෙන් දැනගත්දේ හරි බොහොමයි
මොනව වුනත් ඔබනම් හරි හුරැබුහුටියි

ඔබ දුන් අවවාද පිළිගත්තා ඉස්මුදුනින්
ඉෂ්ට කලා ඒවා මට හැකි අයුරින්
එහෙම කලේ මම හද පිරි සන්තෝෂෙන්
සෙනෙහෙ පිරැණු හිතකින් හරි ආදරයෙන්

අලුත් හැගුම් සිත තුල මගෙ රජයනවා
හැම මොහෙතෙම ඔබෙ ලස්සන සිහිවෙනවා
කිව්ව කතා මගෙ සවනේ රැව් දෙනවා
ඒ වෙලේට ඉන්නට මට බැරි වෙනවා

ඔබත් සමග දොඩනා හැම මොහොත කදී
සතුට පිරීයයි සිත ‍සොම්නසින් පිරී
ඉන්නට හිතයි ඔබ ළග මට තුරැල් වෙවී
ඔබේ බොළද කතා අසන් සිනා සිසී

නොදැක හිටිය දවස්වලදි සිත හැඩුවා
Call එකක් නැති වුනාම දුක හිතුනා
හැම හඩක්ම ඔබගේයැයි මට හැගුනා
නුඹ හින්දා මම උන්මත්තක වූවා

පැතුම් පැතුවා අලුත් ලොවක් තනන්නට
පෙරැම් පිරැවා ඒ ලොව රජ කරන්නට
නැකැත් බැලුවා රජ මාළිග හදන්නට
රැජීණි කරන් ඔබ හා එහි හිදින්නට

එසේ සිතූ මට දවසක් නොසිතු දෙයක් සිදුවුනා
ඔබ හට මම ඇමතූ විට ඔබගේ මව ඇමතුවා
මගේ පුංචි ආදරයට තහංචි බැමි ඇතිවුනා
එදා පටන් මගේ නරක කලදසාව එළැඹුණා


මගෙ ආදරේ නැතිවන බව සිතුනේද
සිතන දෙයම හැම විටකම සිදුවේද
දෛවයේ සරදමකට අපි අසුවුනිද
පැණි වරකා ගහටත් හෙන නොවදිද්ද


නොසිතූ ලෙස මගෙ නෙත කදුළින් පිරැණා
නොසිතන ලෙස ඔබ ගැන මට පැවසූවා
දහස් වාරයක් මගෙ සිත කළකිරැණා
එනමුදු මෙහෙම වේයැයි මට සැක සිතුණා

කඩා වැටුනා සියළුම මගෙ සිහින පොදී
දරා සිටියා හදවත ඒ සියළු ගිනී
බලා සිටියා සිදලෙනතුරැ සියළු බැමී
වෙන්වෙන්නට දැන් කාලය පැමිණ ඇතී

කාලය පැමිනියෙන් අප හට වෙන්වෙන්ට
සාදා ගතිමි සිත මගෙ දුක් නොවන්නට
සැදුවෙමි නුඹෙ සිතත් සතුටින් සමුගන්ට
තැබුවෙමි තිතක් මම මාගේ ප්‍රේමයට

ඉන්පසු සිදුවුනේ හරි විශ්මිත දෙයකි
නීරස වුනා හැම දෙයක්ම සිත කැමති
කෑම බීම ගත්තේ මම හරි ටිකකි
ආදරයත් පිරිහීමට හොද මගකි

අවැසි වුනා මට යළි පත්වෙන්න යථා
උදව් කළා පොතකුත් මට ඒ සදහා
ධනාත්මක චින්තනයට සිත ඇදුණා
දිවිය වෙනස් වුනා මගේ ඒ හින්දා

මේ විදියට ටික දවසක් ගත කෙරැවා
ඔබ ඉදහිට මා හට යළි ඇමතූවා
යළි යළි මගෙ සිත ඔබ වෙත ඇදීගියා
ඒත් ඔබව නොලැබෙන බව දැන සිටියා

මියුරැ වදන් යළි ඔබ මට පවසනවා
මමත් ඊට සතුටින් පිළිතුරැ දෙනවා
ඒත් මේක වරදැක්යැයි වැටහෙනවා
නවත්තන්න කියන්න සිත මැළිවෙනවා

දැන්නම් ඔබ නිසා මට හිසරදයක් එනවා
නොලැබෙන ඔබ නිසා මම තව වද වෙනවා
කදුළු දෑස අතරින් රෑරා එනවා
දෙලොවක් අතර මාගේ සිත සිර වෙනවා

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද