Tuesday, December 21, 2010

මම කවුද.................




මායාවක් තුල හිදිමින්
පිස්සුවෙන් ජීවිතය පටලවමින්
අනෙකා පරයමින්
ජීවත්වන්නට නොව ජීවත්වෙන්නට
වෙර දරන
මිනිස්සුනේ ......
නුඹලාගේ සිත කොහිද
අන්න ඒකෙන්
අහලා බලපල්ලා
නුඹලා කවුද
නෑ නෑ එහෙම නෙමෙයි
මම කවුද කියලා
උත්තර හොයපියව්
හැම දෙයක්ම
මායාවක් බොලව්
හිතපල්ලා හිතපල්ලා
සර්ව ශුභවාදී වෙයල්ලා
ලෝකය තේරැම් ගන්න
උත්සහකරපල්ලා
මමත් මේ කරන්නේ
ඒකම තමයි
මමත් උත්තර හොයනවා
ඇත්තටම මම කවුද කියලා
හොයාපල්ලා හොයාපල්ලා
අනුන් ගැන නෙමෙයි
තමන් ගැනම
විදවන එක නවත්තලා
විදින එක නවත්තලා
හොයාපල්ලා
හොයාපල්ලා
මම කවුද..............?

1 comment:

  1. හොද කයිකතන්දර කාරයෙක් කියලා ලියපු චුට්ටෙන් හොදටම පේනවා.
    නරකද කම්මැලිකම අත ඇරලා ලියුවනාං

    ReplyDelete

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද