කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට
ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන
හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය
කවි විතරක් ලියපුවාම හරියයිද
මනෝ විකාර
මේ තමයි ටිරෝන් කියලා අහිංසක කොල්ලෙක්ගේ බ්ලොග් එක
Wednesday, October 19, 2022
කලකින් ලියූ කවිය
Monday, June 22, 2020
ජීවිතය
ජීවිතය විදින්නට අපි ආසා කරනවා
ඒ් වුනත් ජීවිතය විදවන්නම වෙනවා
විදවිමන් ජීවිතය විදින්නට හදනවා
ඒ් වුනත් ජීවිතයේ නොමැරීම මැරෙනවා
කරන්නට වැඩ දහක් ඇතිමුත්
කරන්නට ආසා විය යුතුයි
ඇතිවූ විට කැමැත්තක් ඒ් ගැන
වැඩේ මැනවින් කල හැකියි
ඒ් වුනත් අන්තිමේ බැලුවම
අනිත් වැඩ ටික ඒහෙමමයි
Thursday, July 11, 2019
දුරකථනය
මොනම මඟුලකට හැදුවද මන්දා මේක
කනක් ඇහිලා ඉන්නට බෑ හැමදාම
හදිස්සියකට වටිනවා ළග තිබුම
ඒ් වුනාට මහා මළ මඟුලකි මේක
කනක් ඇහිලා ඉන්නට බෑ හැමදාම
හදිස්සියකට වටිනවා ළග තිබුම
ඒ් වුනාට මහා මළ මඟුලකි මේක
Tuesday, July 2, 2019
ඉලක්කය සහ කවි
යන්නට ඉල්කකය වෙත ඇත තව දුර යන්න
කාලය සමග පොර බදිමින් ඉදිරියට
නින්දත් අඩුව දවසක ඇරඹුම සමග
යන්නට අමාරුයි ඒ් දුර මෙලෙස මට
දිනුමට ඇතත් ඒළඹෙන කාලය ඇතුලේ
කෙරුමට දහසකුත් වැඩ ඇත ලහි ලහියේ
නොහැකිව හසුරුවා ගන්නට කඩිමුඩියේ
වැඩ ගොඩ ගැහෙයි බාගෙ බාගෙට මේසේ
ලිව්වට කවි ටිකක් කාලය අරන් මම
කවි සංකල්පනා ඒන්නේ නැහැ සිතට
ඔලුවත් බරව ඉන්නා විට නිදිබරව
තව වැඩ ගොඩක් පිරුනා මගේ මේසයට
Friday, November 4, 2016
කාලය සහ වැඩ
කාලය සමඟ තරඟෙට මම දිව යනවා
කාලය මාව පරදාගෙන දිව යනවා
කලයුතු වැඩ කටයුතු මග හිර වෙනවා
ඒ හින්දම ඔෆිස් එකේ රෑ වෙනවා
කාලය මාව පරදාගෙන දිව යනවා
කලයුතු වැඩ කටයුතු මග හිර වෙනවා
ඒ හින්දම ඔෆිස් එකේ රෑ වෙනවා
Friday, October 7, 2016
වැඩ
උදෙන්ම ඇවිත් වැඩ කරලා
ගෙදර යති
හෙටත් උදෙන් ආයෙත් මම
වැඩට එමී
මේ ජීවිතේ දැන්නම් මට
තිත්ත වුනි
ගෙදරට වෙලා ඉන්නට ඇත්නම්
යෙහෙකි
නිදිමත දැනෙයි අද මට
වෙනදාට වඩා
වැඩක් කලත් නැහැ හිත
සැනසුමක් මෙදා
කුමක් කලත් පල නැහැ අද
දවස කිමා
කවදා ලැබෙයිදෝ සැනසුම
පතන මෙමා
Subscribe to:
Posts (Atom)
කලකින් ලියූ කවිය
කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද
-
අද ...එනම් 2011 මැයි මස 26 වන දින මා කාර්යාලය බලා ඒමට නිවසින් පිටත්වන විටත් මහ වැස්සක් ඇද වැටෙමින් තිබුනි.ඒත් ඉතින් රාජකාරිය දේවකාරියක් සේ ...
-
සොඳුර ඔබව සිහිවෙයි මට ඉන්න බැරිය ඔබ ළග මට ඔබේ මුහුණ දැකගන්නට එන්නද මම පියඹාගෙන ආසයි ඔබේ තොල් පෙතිවල සුසිනුදු බව විදගන්නට ඔබව ළැමට තුරුළු කරන...
-
සිගරට් බීමෙන් ලැබෙන වාසි.....????? මොකද්ද මේ කියන්නේ...සිගරට් බිව්වාම කොහොමද වාසි ලැබෙන්නේ...? අපෝ .. ...