Wednesday, December 22, 2010

පිරිසිදු කිරීම




සිතුවිලි පොදි බැද
හද මුල්ලකට කර
ඉතිරි වූ සුන්බුන්ද
අතුගා දමා
නිදහස් කරගත් පසු
මනස
යළි යළිත්
හැඩි වෙයි
නොදැනුවත්වම.......

අතීත මතකය


ගොම්මන් පාලු නිසසල ඝන අදුරැ රැයේ
සිත දිව ගියා මතකයකට අතීතයේ
නුඹ හා දොඩපු ඒ ආදර දවස් ටිකේ
තාවමත් තියේ ඒ සුන්දර මතක හිතේ

කෙතරම් ලස්සනද මතකය අපෙ අතීතයේ
ඇයිදෝ ගියේ මා තනිකර අද දවසේ
දැනේවි පපුව පුපුරා යන ලෙස සිරැරේ
කවි පද ලියමි සිතමින් ඔබ ගැන මෙදිනේ

Tuesday, December 21, 2010

සිගරට් බීමෙන් ලැබෙන වාසි





සිගරට් බීමෙන් ලැබෙන වාසි.....????? මොකද්ද මේ කියන්නේ...සිගරට් බිව්වාම කොහොමද වාසි ලැබෙන්නේ...? අපෝ .. ඔව් වාසි ගොඩක් තියනවා.හැමෝම කියන්නේ සිගරට් එහෙමත්  නැත්තම් දුම්බීමේ ආදීනව ගැනනේ.අද මම කියන්නම් දුම්බීම නිසා ඇතිවන ප්‍රධාන වාසි දෙකක් ගැන.ඒවා තමයි


* සිගරට් බොන පුද්ගලයෙක්ගේ නිවසට කිසි දිනක සොරකු එන්නේ නැත.

* සිගරට් බොන පුද්ගලයා කවදාවත් වයසට යන්නේද නැත. 




පුදුමයි නේද? ....දැන් පැහැදිලි කරන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා.

සිගරට් බොන එකෙකුගේ ගෙදරට හොරැ එන්නේ නැත්තේ සිගරට් බොන එකා දවස තිස්සෙම සිගරට් බීලා රෑට නිදා ගන්න ගියාම කහින්ඩ පටන් ගන්නවා. රෑ එළි වෙනකල් සැරින් සැරේ කහින හින්දා හොරෙක් ආවත් ගෙදර එවුන් නැගිටලා කියලා හිතලා හොරා ආපහු හැරිලා යනවා. අනික සිගරට් බොන එකා වයසට යන්නේ නැත්තේ ඌ වයසට යන්ඩ කලින්ම මැරිලා යන හින්දා. කොහොමද? වාසි හොදයි නේද?

ඔය කතාව මම දැන ගත්ත හැටිත් අනිවාර්යෙන්ම කියන්ඩ ඕන. ඕක මම පාසලේ 12 ශ්‍රේණියේදී පාසලේ උදේ රැස්වීම අවසානයේ ආනන්ද ගුරු පියාණන් තමයි අපිට කිව්වේ.එතුමාත් ඔය කතාව අහලා තියෙන්නේ ප්‍රේම කීර්තිද අල්විස් මහත්තයා කරපු ගුවන්විදුලි වැඩසටහනකින්.අවාසනාවකට ඔය දෙන්නම අද අපි අතර නැහැ. ඒ වුනත් ඒ කියපු දේවල්වල වටිනාකම තවම තියනවා.ඉතින් ඔබත් දුම් පානය කරන්නෙක් නම් මේ ගැනත් ටිකක් හිතන්න.

මම කවුද.................




මායාවක් තුල හිදිමින්
පිස්සුවෙන් ජීවිතය පටලවමින්
අනෙකා පරයමින්
ජීවත්වන්නට නොව ජීවත්වෙන්නට
වෙර දරන
මිනිස්සුනේ ......
නුඹලාගේ සිත කොහිද
අන්න ඒකෙන්
අහලා බලපල්ලා
නුඹලා කවුද
නෑ නෑ එහෙම නෙමෙයි
මම කවුද කියලා
උත්තර හොයපියව්
හැම දෙයක්ම
මායාවක් බොලව්
හිතපල්ලා හිතපල්ලා
සර්ව ශුභවාදී වෙයල්ලා
ලෝකය තේරැම් ගන්න
උත්සහකරපල්ලා
මමත් මේ කරන්නේ
ඒකම තමයි
මමත් උත්තර හොයනවා
ඇත්තටම මම කවුද කියලා
හොයාපල්ලා හොයාපල්ලා
අනුන් ගැන නෙමෙයි
තමන් ගැනම
විදවන එක නවත්තලා
විදින එක නවත්තලා
හොයාපල්ලා
හොයාපල්ලා
මම කවුද..............?

කම්මැලිකමට ලියපු කවි

වැසි වැටෙද්දි මහ හයියෙන් ඔබ සිහිවෙනවා
ඔබෙ ලස්සන මෘදු කටහඩ මගෙ මතකයේ මැවෙනවා
ඔබ හට ඇති මගෙ ආදරේ දලුලා තව වැඩෙනවා
ඔබ දකින්න අමතන්නට මගෙ සිත බල කරනවා

සිරැර පුරා අමුතු හැගුම් විදුලිය සේ දුවනවා
TV එකත් බලන්න බැහැ වැස්ස තවම වහිනවා
නිකන් ඉද්දි ඔබ ගැන මට වැඩි වැඩියෙන් සිතෙනවා
ඔබ හින්දා ළගදිම මගෙ ඔලුව නරක් වෙනවා

(දින පොතේ ලියූ කවි)

 

Tuesday, December 14, 2010

සිහිනයක් වූ ආදරය..........



ආදරයක් ඇතිවුනාම
සිතුම් පැතුම් පොදි බැන්දා
සිහින මාළිගා හැදුවා
ඔබව සිතේ රජ කෙරැවා

අනේ කෙල්ලේ මම ආසයි
ඔබත් එක්ක දිවි ගෙවන්න
ඔබෙ සුන්දර කතා අසන්
මුළු දවසම ගත කරන්න

සීතළ ඇති රාත්‍රියක
ඔබව මගේ තුරැළට ගෙන
උණුසුම් පෙම් සුව විදිමින්
රාත්‍රියම නිදි වරන්න

එනමුත් අද ඒ සේරම
නොසිතූ ලෙස වෙනස් වුනා
මා තනිකර සිහින ලොවේ
ඔබ අවදිව යන්න ගියා

කදුළු නැතත් නෙත කෙළවර
සුසුමක් ඇත හද සිරවුණ
සිරවුණු ඒ සුසුම් පොදේ
ඔබෙ මතකය ගැබ්වී ඇත
අවැසි වුවත් පිට කරන්න
නොහැකිව ළතැවෙයි හදවත
අහෝ....කුමක් කරමිද මම
කෙල්ලක් මට කරපු හරිය................

Monday, December 13, 2010

රාමුව






පින්පාට ඔබෙ මුහුණ
දුටුවා අද හිත පුරාම
දගකාර ඔබෙ කතාව
ඇසුවා මගෙ හිත පුරාම
හොරෙන් පාපු සිනාව මට
අවුල් කලා මගේ මනස
හිතුවත් ඔබෙ ළගට එන්න
බැහැනේ එහෙම කරන්න මට
දාලානේ ඔබ තහංචි මට
රාමුවකට වී ඉන්නට
ඉස්සර නම් ඔය රාමුව
තැකුවේ නැහැ දොයිතුවකට
එළියේ හිටියේ වැඩිපුර මං
ඔබ හැදු ඒ රාමුව තුළ
සිතුණ නමුත් අද දවසෙත්
නික්මෙන්නට එයින් පිටට
යන්නට බැහැ කොහොමවත්ම
ඇණ සවිකර එය වටේට
වීදුරැවක් දමා මැදට
මා රාමුව තුළ සිරකර
බිත්තියකට සවිකර ඇත
සදාකල්ම එහි ඉන්නට

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද